කැලණිවැලි (KV) දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ අතර නාවල පාර දුම්රිය හරස් මාර්ගය දින දෙකක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ නඩත්තු කටයුත්තක් සඳහා බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව සෙනසුරාදා (9) පෙරවරු 8:00 සිට පස්වරු 2:00 දක්වා දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් වසා තැබෙන අතර එදිනම රාත්‍රී 8:00 සිට ඉරිදා (10)පෙරවරු 6:00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.
ඉහත දුම්රිය හරස් මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් මෙම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)