colombotimes.lk
සිංහල | English

28 April 2024

රාජ්‍ය පරිපාලන සංගමයෙන් ඉල්ලීමක්



අතිප්‍රමාණිකව ලාභ ලබන වෙළඳුන්ගෙන් නිසි ලෙස බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එහිදී එම වෙළඳුන්ගෙන් නිසි ලෙස බදු අය කර ගෙන ගිලිහී යන ආදායම රැක ගැනීමට මෙන්ම රාජ්‍ය සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට අවශ්‍ය වාතාවරණය වහා සකස් කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.  

එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ගේ සාධාරණ වැටුප් හා දීමනා වැඩි කිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් එම ලිපියෙන් ජනාධිපතිවරයාට නැවත මතක් කළ බවයි.

(colombotimes.lk)