T20 ක්‍රිකට් පිටියේ වැඩිම අවස්ථාවක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානකට සිදු වී තිබෙනවා.
ඒ මේ වන විට පැවැත්වෙන තරගයේදී ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමඟයි.
ඒ අනුව දසුන් ශානක මේ වන විට අවස්ථා 16කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.
මීට පෙර Zappy Bimenyimana අවස්ථා 15කදී ලකුණු නොලබා දැවී ගොස් මෙම අමිහිරි වාර්තාව තමන් සතු කරගෙන සිටියා.
(COLOMBOTIMES.LK)
