01 November 2025

logo

විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට විශේෂ දැනුම්දීමක්



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යට‍තේ අයදුම්කිරීමේ කාලසීමාව එළඹෙන 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.  

ඒ 2021 සහ 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා එම නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ පසුගිය දිනයන්වල අයදුම්පත් නිකුත් කළ අයදුම්කරුවන්ට එම අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් අප්‍රේල් 11 වනදා සිට අප්‍රේල් 17 වනදා දක්වා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.     

(colombotimes.lk)