colombotimes.lk
සිංහල | English

28 April 2024

එන්නතක් විෂ වීමෙන් සිසුන් පිරිසක් රෝහලේ



කළුතර පාසලක අද (28) පැවති එන්නත් වැඩසටහනකදී එන්නත විෂ වීමෙන් සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඒ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 13ක් වන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

7- 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් එන්නත් කිරීමෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුතා, ක්ලාන්තය සහ බියට පත්වීම ඇතුළු විවිධ රෝග තත්වයන් ඇති වී තිබෙනවා.

එහිදී අසනීප තත්වයන් පෙන්නුම් කළ සිසුන්ව කඩිනමින් ගිලන් රථ ගෙන්වා රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)