colombotimes.lk
සිංහල | English

28 April 2024

IPL තරගාවලියෙන් තවත් සුපිරි ක්‍රීඩකයකු ඉවතට



මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙකු තෝරා ගත්ත ද මේ වන විටත් තරගාවලිය සඳහා පිටත්ව ගොස් ඇත්තේ ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණක් බව වාර්තා වනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිල දී ගත් නුවන් තුෂාර සහ චෙන්නායි කණ්ඩායම විසින් මිල දී ගත් මහීෂ් තීක්ෂණයි.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වන ඇඩම් සම්පා පෞද්ගලික හේතුවක් මත මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු මිල දී ගෙන තිබුණේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් කෝටි 1.5ක මිලකටයි.

(colombotimes.lk)