15 February 2026

logo

කණ්ඩායම් 20ක්, තරග 55ක් - T20 කිරුළ වෙනුවෙන් සටන අද SSC පිටියෙන් ඇරඹෙයි



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද දිනයේදී කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

එහි සමාරම්භක තරගය පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද පෙරවරු 11ට ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අවසන් මහා තරගයද ඇතුළුව තරග 55ක් ඇතුළත් වී තිබෙනවා.

එහිදී කණ්ඩායම් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතයි.

පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර සමාරම්භක තරගය A කාණ්ඩය යටතේ පැවැත්වෙනවා.

එමෙන්ම අද දිනයේදී තවත් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව දෙවන තරගය ඉන්දියාවේ Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ස්කොට්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම අද පැවැත්වෙන අවසන් තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතරයි.

මෙම තරගය Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(COLOMBOTIMES.LK)