26 July 2025

logo

කාලගුණය යළි කැළඹෙන ලකුණු



නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 වනදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අද (07) උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)