26 July 2025

logo

කාලගුණය යළි කැළඹෙන ලකුණු



කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 50 - 60 දක්වා වැඩිවිය හැකියි.
 
මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

එමෙන්ම උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)