17 February 2026

logo

ශ්‍රී ලංකාව සුපිරි 8ට - ඕස්ට්‍රේලියාව මූලික වටයෙන්ම විසිවෙයි?



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ සමත්වුණා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරග කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

මේ සමඟින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කරමින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් මෙහි දෙවන ස්ථානය හිමි වී තිබෙන්නේ තරග 2ක් ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායමටයි.

ඒ සහභාගී වූ තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කරමින්.

කෙසේ වෙතත් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙහි තුන්වන ස්ථානය හිමි වී තිබෙනවා.

මේ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට හෙට අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් 8දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබනවා.

ඒ සමඟින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වනවා.





(COLOMBOTIMES.LK)