ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදී අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත්වුණා.
එහිදී පැතුම් නිස්සංක සිය අර්ධ ශතය වාර්තා කිරීම සඳහා වැය කළේ පන්දු 32ක් පමණයි.
එය ඔහුගේ 19වන T20 අර්ධ ශතකය ලෙස වාර්තා වුණා.
එමෙන්ම කුසල් මෙන්ඩිස් සිය 20 වන අර්ධ ශතකය පන්දු 35කින් වාර්තා කළා.
