මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ B කාණ්ඩය යටතේයි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම තෙවන ස්ථානය හිමි කරගෙන සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත් අවසන් 8දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් වනවා.
