17 February 2026

logo

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නෙක් ආබාධයකට ලක්වෙයි



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට තරගය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

මෙහිදී ඉනිමේ සිව්වන පන්දුවාරය යොමු කරමින් සිටි මතීෂ පතිරණ ආබාධයකට ලක්වුණා.

ඒ අනුව ඔහුට එම පන්දුවාරයේ යොමු කිරීමට හැකියාව ලැබුණේ පන්දු 4ක් පමණයි.

(COLOMBOTIMES.LK)