චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් ප්‍රකාශ කළා.
ඒ අද (22) මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.
ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවයි.
(colombotimes.lk)
