නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ පුද්ගලයක් ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායට ඉහළින් පිහිටි සමනල ස්වාභාවික රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසළදීයි.
බුද්ධිඅංශයට ලද තොරතුරකට අනුව දින එකහමාරක් එම රක්ෂිතයේ රැඳි සිට මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී ගෝඩා ලීටර් 210ක් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරු විසින් පෙරන ලද ස්ප්‍රිතු මිලිලීටර 1500ක් සහ භාවිතා කරන ලද උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
