22 January 2026

logo

මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට චීනයේ සහය



මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් අද (22) පවත්වා තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. 

චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැටලු විසඳමින් ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත පාරිසරික ගැටලු විසදා ගැනීමට චීනයේ තාක්ෂණය සහ මෙවලම් භාවිත කළ හැකි ආකාරයත්, වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි අවම කර ගැනීම සහ බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් චීනයෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා. 



(colombotimes.lk)