02 February 2026

logo

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන විශේෂ නිවේදනයක්



අ.පො.ස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විභාග දෙපාර්තමේන්තුව විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ පෞද්ගලික අපේක්ෂකයන් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර අදාළ සංශෝධනය කරගත යුතු බවයි.

එමෙන්ම එම සංශෝධනය සිදු කිරීම ලබන 10වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17වනදා දින සිට 26වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



(COLOMBOTIMES.LK)