2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට දින නියම කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම ප්‍රයෝගික පරීක්ෂණ ලබන 07වනදා ආරම්භ වන බවයි.
එය ලවන 11වනදා දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර පාසල් විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(COLOMBOTIMES.LK)
