තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20දෙනෙක් පමණ ඉල්ලීම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසනවා.
අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාව පළ කළා.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන සම්බන්ධයෙන් සිදු කරන විශ්ලේෂණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)
