02 November 2025

logo

උසස් පෙළ විභාගය සම්බන්ධව විශේෂ නිවේදනයක්



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බවයි.

එළඹෙන නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.


(COLOMBOTIMES.LK)