02 November 2025

logo

වැලිගම සභාපති ඝාතනයට පැමිණි යතුරුපැදිය හමුවෙයි



වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

ඒ බුත්තල - කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබියදීයි. 

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ යතුරුපැදිය එම මාර්ගයේ 16 කණුව අසළ කැළෑ ප්‍රදේශයක තිබී ඊයේ (31) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගන්නා ලද මෙම යතුරුපැදිය වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)