01. අද සිට ක්‍රියාත්මක නව ඉන්ධන මිල ගණන් මෙන්න
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙම මාසය සඳහා ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහත දමා ඇති බවයි.
මේ අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.
02. වැලිගම සභාපති ඝාතනයට පැමිණි යතුරුපැදිය හමුවෙයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
ඒ බුත්තල - කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබියදීයි.
අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ යතුරුපැදිය එම මාර්ගයේ 16 කණුව අසළ කැළෑ ප්‍රදේශයක තිබී ඊයේ (31) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගන්නා ලද මෙම යතුරුපැදිය වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
03. ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
මෙම කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු 2005 වසරේදී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (01) විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසය ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණතිබෙන බවයි.
එමෙන්ම ඊජීප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමුවරට මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කෞතුකාගාරය නොවැම්බර් 4වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන බවයි.
04. උසස් පෙළ විභාගය සම්බන්ධව විශේෂ නිවේදනයක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බවයි.
එළඹෙන නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
05. ෂොපිං බෑග් නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි
පොලිතීන් බෑග් සඳහා වෙළඳසැල් මඟින් මිල අයකිරීමක් සිදුකළ යුතු බවට නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අද සිට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී එම වෙළඳසැල් විසින් ෂොපිං බෑග් වැනි පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතුයි.
මේ වන විට පොලිතීන් භාවිතය තුළින් දැඩි පාරිසරික විනාශයක් සිදුවන බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඊට පිළියමක් වශයෙන් පොලිතීන් බෑග් භාවිතය අවම කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
06. ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය එළියට
ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත පිරවීමේ මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)