කොළඹ අක්ෂි රෝහලේ මෙම දිනවල දැඩි ගැටලුකාරී තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ පැමිණෙන රෝගීන්ගෙන් බහුතරයක් වන වැඩිහිටි පුරවැසියන්ගේ වැරදි කළමනාකරණය හේතුවෙන්.
මොණරාගල, වවුනියාව, බදුල්ල සහ තංගල්ල වැනි ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් මෙලෙස දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.
කොළඹ අක්ෂි රෝහලේ උපදේශන කාමර අසල රැඳී සිටින ස්ථානවල 50දෙනෙක්ට පමණ ආසන සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
