02 November 2025

logo

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි



ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබෙනවා. 

මෙම කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු 2005 වසරේදී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (01) විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසය ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණතිබෙන බවයි. 

එමෙන්ම ඊජීප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමුවරට මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කෞතුකාගාරය නොවැම්බර් 4වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන බවයි.

(colombotimes.lk)