ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.
එමෙන්ම ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් දැනුම්දී තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීම ද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරන බවයි. 
(colombotimes.lk)
