මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (08) සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මෙම ජල කප්පාදුව හෙට (08) පෙරවරු 6.00 සිට අනිද්දා (09) සඳුදා පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය) වේගිරිය සහ පල්ලෙමුල්ල (නව සහ පැරණි), යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය මැදවල (පැරණි සහ නව) සේවා ජලාශයන්ට අයත් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙළඹු ගහවත්ත, නුගවෙල, බලනගල, ගලගෙදර සහ මාවතගම යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
(colombotimes.lk)
