08 February 2026

logo

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්



කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 260ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
 
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර සඳහන් කළේ මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට බලාපොරොත්තු වන බවයි. 

කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් කුරුඳු කූරු අපනයනයෙන් උපයා තිබෙනවා. 

එලෙස අපනයනය කළ කුරුඳු කූරුවලින් ඇමරිකානු ඩොලර් මිලියන 251ක ආදායමක් උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

සෙසු ආදායම් කුරුඳු පොතු, කොළ සහ තෙල්වලින් උපයා තිබෙනවා. 

(colombotimes.lk)