08 February 2026

logo

කඩා වැටුණු ඉනිම සූර්යා ගොඩ නගයි - ඇමරිකාවට ප්‍රබල ඉලක්කයක්



2026 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතර තරගය මේ වන විට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කරගත්තා.

මෙහිදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවිට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් එක් අන්තයක් ආරක්ෂා කරමින් ලකුණු 84ක් රැස් කළා. 



(colombotimes.lk)