08 February 2026

logo

මවකට සහ දියණියකට දිවි අහිමි වෙයි



විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් අද (07) උදෑසන මියගොස් තිබෙනවා.

ඒ ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදීයි.  

කරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී බිම වැටී තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් දෙදෙනාට විදුලි සැරවැදී මියගොස් තිබෙන බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවන මවක් සහ 13 හැවිරිදි වියේ පසුවන දියණියක් බවයි.

(colombotimes.lk)