2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇමරිකා කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 29කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කරගත්තා.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 49කින් නොදැවී ලකුණු 84ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 132ක් පමණයි.
