පරිගණක ආශ්‍රිත අපරාධ වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.
එම අපරාධ කාර්යක්ෂමව විමර්ශනය කර විසඳාගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
