2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහා ස්කොට්ලන්ත කණ්ඩායම අතර අද (07) පැවැත්වුණා.
මෙම තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 35කින් ජයග්‍රහණය කළා.
Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ස්කොට්ලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
එහිදී Shimron Hetmyer පන්දු 36කින් ලකුණු 64ක් සහ Brandon King පන්දු 30කින් ලකුණු 35ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 183ක්.
එම ඉලක්කය හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණයි.
පන්දු යැවීමේදී Romario Shepherd කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ ඔහු යොමු කළ පන්දුවාර 3 ලකුණු 20කට සීමා කරමින් කඩුලු 5ක් ලබාගනිමින්.
මෙහිදී ඔහු එක පන්දුවාරයක් තුළදී කඩුලු 4ක් දවා ගැනීමද විශේෂත්වයක්.
(COLOMBOTIMES.LK)
