20 January 2026

logo

රාජගිරියට නිවාස 300ක්



රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා. 

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)