20 January 2026

logo

නොරෝච්චෝලේ ජනන යන්ත්‍ර යළි යථා තත්ත්වයට



අලුත්වැඩියා කටයුතු සඳහා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර යළිත් යථා තත්ත්වයට පත් කර තිබනෙවා.

එමෙන්ම මෙගාවෝට් 900ක විදුලි ධාරිතාවක් පද්ධතියට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් 3වනදා සාමාන්‍ය නඩත්තු කටයුත්තක් සඳහා එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබූ අතර දෙසැම්බර් 20වනදා තවත් ජනන යන්ත්‍රයක් හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබුණා.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කර සක්‍රීය තත්ත්වයේ පවතින බවයි.

(colombotimes.lk)