ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව සහ තවත් දෙදෙනෙක් ගමන් ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුව ගෙන තිබෙනවා.
ඒ ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදීයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 450ක් සොයාගෙන ඇති අතර ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් බවද අනාවරණය වූ බවයි.
සැකකරු වයස අවුරුදු 30ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
