20 January 2026

logo

මධුසමයට ලෝකයේ හොඳම තැන් 25 අතරට ලංකාවේත් නගර 03ක්



2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 03ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. 

ඒ Tripadvisor වෙබ් අඩවිය විසින් ලොව පුරා සිටින සංචාරකයන් ලබා දුන් තොරතුරු සහ අත්දැකීම් පදනම් කර ගනිමින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවට අනුවයි. 

ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන අතර 05වන ස්ථානය ගාල්ල නගරයට හිමි වී තිබෙනවා.
 
එමෙන්ම 13වන ස්ථානය ඇල්ල නගරයට සහ 22වන ස්ථානය තංගල්ල නගරයට ද හිමි වී තිබෙන බවයි සඳහන් වන්නේ. 

මෙම වාර්තාවට අනුව ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථානය ලෙස ඉන්දුනීසියාවේ බාලි සැලකෙන අතර දෙවන ස්ථානය මුරුසියට සහ තෙවන ස්ථානයට මාලදිවයිනට හිමිවී තිබෙනවා. 

(colombotimes.lk)