2026 අයවැය යෝජනා ක්‍රමය අනුව වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා වැඩි කිරීමටත්, පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමටත් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුණා.
රජය සඳහන් කළේ එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන අයවැය මඟින් වෙන් කර ඇති බවයි.

(colombotimes.lk)
