04 July 2025

logo

තරුණ පාර්ලිමේන්තුවේ 3 වන සැසිය හෙට සහ අනිද්දා



05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාව පවසනවා. 

ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී. 
 
මෙහිදී යෝජිත ‘තරුණ පාර්ලිමේන්තු පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 
 
මෙරට තරුණ ප්‍රජාව දේශපාලනික වශයෙන් බල ගැන්වීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම ජාතික තරුණ පාර්ලිමේන්තු සංකල්පයේ පරමාර්ථය වනවා.
(colombotimes.lk)