23 December 2025

logo

බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට



මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

නිලධාරීන් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළා. 

(colombotimes.lk)