මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කලමනාකරණ) නලින් පතිරණගේ, මහනුවර මහජන බැංකු සහකාර ප්‍රාදේශීය කලමනාකාරවරුන් ඇතුළු කණ්ඩායමද සමඟින් පසුගියදා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ දිට්වා හේතුවෙන් ආපදාවට ලක්වූ මහනුවර ප්‍රාදේශිකයේ මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායි.
ගංවතුර , නායයෑම් සහ මාර්ග අවහිරතා ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන කඩිනමින් යථා තත්වයට පත්කරමින් ගනුදෙනුකාර සේවාව සඳහා විවෘත කිරිමට අදාළ ශාඛා කළමනාකාරවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ගත් අපරිමිත උත්සාහය සහ අඛණ්ඩ කැපවීම මෙහිදී මහජන බැංකු කළමනාකාරිත්වයේ ඇගයීමට ලක්වී තිබෙනවා.
(colombotimes.lk)
