ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී තිබෙනවා.
ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කරන අතර එමඟින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ වී ඇත්තේ රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම බවයි.
(colombotimes.lk)
