රුපියල් කෝටි 03කට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් පුද්ගලික ආයතනයකට WI-FI ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී රුපියල් 36,989,684ක මුදලක් මෙලෙස වංචා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊයේ (24) මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 37 වයස්වල පසුවන මට්ටක්කුලිය හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (24) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
(colombotimes.lk)
