ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (25) වන විට ලෝක රන් මිල ඩොලර් 4,150ක් ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙරට රන් මිල ද ඊයේ (24) දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක් මිල සටහන් වුණේ රුපියල් 309,200ක් ලෙසයි.
එම මිල ගණන් ඊයේ (24) රුපියල් 303,600ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී රුපියල් 330,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද (25) වන විට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
