මේ වන විට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂණය සිදු කරන බවයි.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිට වූ බවට සමාජ මාධ්‍ය තුළ දැඩි සේ කතා බහට ලක්වුණා.
(colombotimes.lk)
