ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ එම අනුමැතිය ඊයේ (24) සිට ක්‍රියාත්මක වන බවයි.
කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම්දීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
