01 July 2025

logo

සුනඛයෙක්ගේ ගොදුරක්වීමට ගිය වැලිමුවා බේරෙයි



හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ ලදු කැලෑවක තුවාල ලබා සිටි වැලිමුවෙක් අද (20) බේරාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ සිටින තරුණයෙක් විසින් එම වැලි මුවාව පශු වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ ලදු කැලෑව හරහා නිවෙස් ආසන්නයට පැමිණි වැලි මුවාව සුනඛයන් විසින් අල්ලා ගොඳුරක් බවට පත් කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී අදාළ තරුණයා ඒ වෙත ගොස් වැලි මුවාව බේරාගෙන තිබෙනවා.

එලෙස තුවාල ලැබූ වැලිමුවා හට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)