ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ වන විට දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බවයි.
ඒ අනුව මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහාය ලබා ගැනීමට හැකියාව පවතිනවා.
අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා -071-8591868
(colombotimes.lk)
