පසුගිය වසර තුළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ප්‍රජා විශෝධනයට යොමු කර තිබෙනවා.
අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ බන්ධනාගාර තදබදය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.
එමෙන්ම මෙම වසරේදීද ප්‍රජා විශෝධනයට යොමු කරන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අද (20) පාර්ලිමේන්තු රැස්වීමේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
(colombotimes.lk)
