පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි මස 1වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3,000කින් වැඩි කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද සඳහන් කළේ ඒ අනුව අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවයි.
මෙම වැටුප් වැඩි කිරීම 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව වැඩිකර තිබෙනවා. 
(colombotimes.lk)
