20 January 2026

logo

බේස්ලයින් පාර දිගු වෙයි



බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 03වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

ඒ අනුව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ - හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර් 0.86ක් දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ඉදි කිරීමට 2009 නොවැම්බර් මස 11වනදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබුණා. 

කෙසේ වෙතත් 2022 පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ. 





(colombotimes.lk)